13 යළි බලාත්මක කරන්නැයි ඉන්දියාව කියයි

10

සාමය හා සංහිදියාව පිළිබඳ ක්‍රියාවලිය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බව ඉන්දියාව පවසනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර පැවති සමුළුව සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්.

මේ අතර, දෙරටේ බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් ලබා දෙන බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

Your Comments