ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මුල් පුටුවත් වෙනස් කරයි

81

වැඩබලන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස, වැඩබලන ජනාධිපති අතිරේක ලේකම් නාලක කලුවැව මහතා පත් කර තිබෙනවා.

ජනපතිගේ නියමය පරිදි, වහා ක්‍රියාත්මකවන පරිදි මෙම පත්වීම සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

නාලක කලුවැව මහතා අද (27) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා අතින් පත්වීම් ලිපිය ලබා ගත්තා.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේ නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතායි.

Your Comments