හෙරොයින් සමග කාන්තාවක් සහ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

11

හෙරොයින් ජාවාරමේ නිරත වු දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරනවා.

අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10 ක් සමග පෑලියගොඩ, මීගමුව පාර, නවලෝක වටරවුම අසලදී අත්අඩංගුවට ගත්  මට්ටක්කුලිය, සමිට්පුර පදිංචි කාන්තාවකගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් අනුව ඔහුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

මෙම සැකකරුවන් කදාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් එක් සැකකරුවකු සතුව හෙරොයින් ග්‍රෑම් 50 යි මිලිග්‍රෑම් 70 ක් සහ අනෙක් සැකකරු සතුව හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 80 ක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටිනවා.

Your Comments