හෙට මැදියම් රැයින් පසු විදුලිය කප්පාදුවක් නෑ – විදුලි ගාස්තු වැඩි කරන්නෙත් නෑ

31

විදුලිය කප්පාදු කිරීම අප්‍රේල් මස 10 වැනිදා සිට සිදු නොකරන බව විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ එම අමාත්‍යංශයේ අද(08) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ගෘහස්ත විදුලි බිල කිසිසේත්ම ඉහල දැමීමක් සිදු නොකරන බවයි.
කෙසේ වෙත්ත කාර්මික ක්ෂේත්‍රයේ විදුලිය ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. එසේම එළැඹෙන වෙසක් උත්සව සමයේද කිසිදු අඩුවකින් තොරව විදුලිය සැපයීමට හැකියාව ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.


Your Comments