හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිරටම ඇඳිරිනීතිය – නිරෝධායනය වන නිවෙස් වෙත සහන මල්ලක්

34

හෙට මධ්‍යම රාත්‍රියේ සිට ලබන සඳුදා අලුයම දක්වා සමස්ථ බස්නාහිර පළාතටම නිරෝධායන ඇදිරි නීතිය පණවන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදි යුධ හමුදාපතිවරයා කියා සිටියේ හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇදිරි නීතිය පැණවුවද අත්‍යවශ්‍ය සේවාවන් හී නියුතු පුද්ගලයන්ට බාධාවකින් තොරව ගමන් කළ හැකි බවයි.

මේ අතර, බස්නාහිර පළාතේ අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවිසැල් හා ඖෂධ සැල් හෙට උදාසන 8 සිට රාත්‍රී 10 දක්වා කාළය තුල විවෘතව තැබිය හැකි බවයි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ

නිවෙස්වෙල නිරෝධායන වන පුද්ගලයන්ට ආහාර මල්ලක් ලබාදිමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරන බවයි යුද්ධ හමුදාපතිවරයා අවධාරණය කළේ.

මේ අතර, බස්නාහිර පළාත තුල නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ ද මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ විභාග කටයුතු සඳහා එම තත්ත්වය බාධාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහකා ප්‍රකාශ කලා.

දරුවන්ගේ විභාග කටයුතු අවසන් වන තෙක් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් විභාගයට පෙනී සිටීමට උපරිම සහාය ලබාදෙන බවයි හෙතෙම කියා සිටියේ.

විභාග කටයුතු සඳහා යොදා ඇති ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයත්, දුම්රිය දෙපාර්තුමේනතුවත් ප්‍රවාහන කටයුතු බධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට එකග වී ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

Your Comments