හෙට පාසල් විවෘත කළත් අම්පාර, කලවාන සහ වව්නියාවේ පාසල් කිහිපයක් නැහැ

6

බස්නාහිර සහ හුදකලා ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පාසල් හෙට සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය සියලූ කටයුතු සූදානම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ.

කෙසේ වෙතත් අම්පාර ප්‍රදේශයේ සියලු‍ම පාසල් වසා තැබීමට පියවර ගත් බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය පවසනවා.

එම පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණය මත සිදු කරන බවයි එහි අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

මේ අතර, කොරෝනා පැතිරයාමේ අවදානමක් හේතුවෙන් කලවාන ප්‍රදේශයේ පාසල් 9 ක් ද හෙට දිනයේ විවෘත නොකිරීමට කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම වව්නියාව නගරයේ පාසල් 6 ක් ද නව පාසල් වාරය සඳහා හෙට විවෘත නොකිරීමටයි තීරණය කර ඇත්තේ.

වවුනියාව නගරයේ ව්‍යාපාරිකයින් හා සේවකයින් 55 දෙනකු කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගැනීම හේතුවෙන් මෙම පියවරගත් බවයි දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ.

Your Comments