හිනිදුම, තවලම සතිපොළ වෙළඳුන් 23 දෙනෙකුට කොවිඩ්

10

හිනිදුම, තවලම සතිපොළ වෙළඳුන් 23 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා.

 

තවලම සතිපොළ වෙළඳුන් 83 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි පියවර ගෙන තිබුනේ.

මේ අතර තරුණයන් පිරිසක් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය නොකරමින් හැටන් නගරයේ සිනමා ශාලාවක් ආසන්නයේ පැය ගණනාවක් රැස්ව සිටි බවට වාර්තා වුනා.

ඒ තෛයිපොංගල් දිනය නිමිත්තෙන් ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙකු රංගනයෙන් දායකවන චිත්‍රපටයක් තිරගත වන බවට ලද තොරතුරක් අනුවයි.

හැටන් පොලීසියේ නිලධාරින් තරුණයින් පිරිස යළි නිවෙස් වෙත යොමු කිරීමට පියවරගත බව සිත නිවුස් 24 වාර්තාකරු සඳහන් කළා.

මේ අතර මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වූ බවට හදුනාගැනීමත් සමග රෝහලේ වාට්ටු දෙකක සේවය කළ වෛද්‍යවරුන්, හෙදියන් සහ කාර්යමණ්ඩලය නිරෝධායනයට යොමු කර තිබෙනවා.

නමුත් එහි සුළු සේවකයින් නිරෝධායනයට යොමු කිරීමට රෝහල් බලධාරීන් පියවරගෙන නොතිබීම හේතුවෙන් සුළු සේවකයින් 162 දෙනෙකු රාජකාරීවලින් බැහැරව අද විරෝධතාවක නිරතවුණා.

Your Comments