හිටපු ඇමති ජොන්ස්ටන්ට එරෙහි නඩුවට අදාළ ලිඛිත දේශනය ජනවාරි 22

46

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවට අදාළ ලිඛිත දේශනා ජනවාරි මස 22 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින්.
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් සහ බැරකම් වාර්තා ඉදිරිපත් නොකිරීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අදාළ නඩුව ගොනු කර තිබෙනවා.

 

Your Comments