හිටපු ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

17

හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට එරෙහිව මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇතැයි චෝදනා කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ලබන 31ක් වන දා සිදූකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා.
ඒ මෙම පෙත්සම බුවනෙක අලුවිහාරේ, එල්ල.ටී.බී.දෙහිදෙනිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීමෙන් අනතුරුවයි.
ව්‍යාපාරිකයෙකු වන ජනක් ශ්‍රී විදානගේ සහ කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානය තුළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය දරුවන් දෙදෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ පියා වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි සමන් නන්දන සිරිමාන්න යන අය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පිළිබඳව බුද්ධි අංශය විසින් පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන්ට කලින්ම දැනුවත් කර තිබූ බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු නොකිරීමට එරෙහිවයි පෙත්සම ගොනු කළේ.
ඔවුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

Your Comments