හලාවත පොදු මාළු වෙළෙඳ පොල සතියකට වැසේ

11

හලාවත පොදු මාළු වෙළෙඳ පොල අද(21) සිට සතියක කාලයක් සඳහා තාවකාලිකව වසා දමා තිබෙනවා.

පැතිර යමින් පවතින කොරෝනා වසංගත තත්ත්වයෙන් හලාවත ජනයා බේරා ගැනීමෙන් අරමුණෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

හලාවත නගර සභාව, පොලිසිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබෙනවා.

වෙළෙඳ පොලට පොලිස් ආරක්ෂාව යොදා තිබුණද ඇතැම් මාළු ව්‍යාපාරිකයන් වෙළෙඳ සංකීර්ය තුළ සිටිමින් මසුන් අලෙවි කිරීමේ නිරත ආකාරයක් දක්නට ලැබෙන බවද වාර්තා වනවා.

Your Comments