හය හැවිරිදි දරුවාට සහ මවට කොවිඩ්

17

06 හැවිරිදි පිරිමි දරුවෙකුට සහ එම දරුවාගේ මවට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙනවා.

ඉකුත් 02 වනදා කනංකෙ ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේදී පී.සී.ආර්. පරීක්ෂණ 350ක් සිදුකර තිබූ අතර එහි ප්‍රතිඵලවලට අනුව එම මව සහ දරුවාට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

කොළඹ පෞද්ගලික දුරකථන සමාගමක සේවය කර මීට සති දෙකකට පමණ පෙර මාතර කනංකෙ පුහුල්හේන  ප්‍රදේශයට පැමිණ සිටියදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයාගේ ආශ්‍රිතයින් ලෙස ඊයේ (03) ඔවුන්ව හඳුනාගත්තා.

කොළඹ සිට පැමිණ තිබූ අදාළ ආසාදිත පුද්ගලයාගේ ආශ්‍රිතයින් 13 ක් කොවිඩ් ආසාදිත බවට මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් ප්‍රතිකාර සඳහා මාතර කොටවිල නව දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කිරීමට සෞඛ්‍ය අංශ පියරව ගෙන තිබෙනවා.

Your Comments