හමුදා පුහුණු යෝජනාවට විපක්ෂයෙන් දැඩි විරෝධයක්

14

වයස අවුරුදු 18 ට වැඩි සියල්ලන්ට හමුදා පුහුණුවක් ලබා දීමට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති යෝජනාවට සමගි ජන බලවේගය විරෝධය පළ කලා.

මෙය හමුදා පාලනයක ආරම්භයක් බවයි අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කලේ.

අවුරුදු 18 ට වැඩි සෑම පුද්ගලයෙකුටම හමුදා පුහුණුවක් ලබා දීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කලා.

ලොව ඇතැම් රටවල් මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති බවයි හෙතෙම කියා සිටියේ.

ඒ පිළිබදව අද පැවති මාධ්‍ය හමුවේදී මනුෂ නානායක්කාර මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.

 

මේ තව දුරටත් අදහස් දැක්වු මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා.

 

 

Your Comments