සෞඛ්‍ය ඇමති පවිත්‍රාට කොරෝනා ?

47

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට බි.බී.සී සිංහල සේවය වාර්තා කර තිබෙනවා.

ක්‍ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයකින් ඒ බව තහවුරු වී ඇති බවට විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කළ බවයි එහි දැක්වෙන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිත නිව්ස් 24 කළ විමසීමකදී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා සඳහන් කළේ ඒ පිළිබඳ මෙතෙක් තමා ද නොදැනුවත් බවයි.

රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිර ජයසේකර සහ පියල් නිශාන්ත, අමාත්‍ය වාසුදේව නානායක්කාර මෙන්ම රවුෆ් හකීම් මන්ත්‍රීවරයා ද කොරෝනා ආසාදිතයින් ලෙස වාර්තා වුණා.

 

Your Comments