සුළු පක්ෂ සමග සාකච්ඡා සාර්ථකයි -තවත් සාකච්ඡාවක් TNA සමග

11

සුළු පක්ෂ සමග පැවති සාකච්ඡා සාර්ථක වූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ රාත්‍රී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේදී සාකච්ඡාව පැවැත් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර ඉදිරි සතිය තුල ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්දයෙන් පවතින ගැටළු නිරාකරණය කර ගන්නා බව මෙහිදී සාකච්ඡා කෙරුණ බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා කියා සිටියා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමල ජාතික සන්ධානය අතර විශේෂ හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණ වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙනද බවයි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා වැඩි දුරටත් කියා සිටියා.

Your Comments