සීග්‍රයෙන් පැතිර යන HIV පාලනයට පාකිස්ථානයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉල්ලීමක්

22

පාකිස්තානය තුළ එච් අයි වී වෛරසය ශීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් එය පාලනය කිරීම සදහා අවධානය යොමු කරන ලෙස එරට රජය ලෝක සෞඛය සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
පාකිස්තානයේ වයඹදිග ප්‍රදේශයේ පුද්ගලයින් විසිඑක්දහස් තුන්සිය හැත්තෑපහක් පරීක්ෂා කිරීමේදී ඉන් 681 දෙනෙකුටම එච් අයි වී වෛරසය ආසාධනය වී තිබූ බවටයි අනාවරණය වී ඇත්තේ.
පාකිස්තානය තුළ පුද්ගලයින් එක්ලක්ෂ හැට තුන් දහසකට පමණ එච් අයි වී ආසාධනය වී ඇති බවට එරට සෞඛය අංශ සැක පළ කරනවා.

Your Comments