සිමෙන්ති රැගත් නෞකාවක් කිරින්ද මුහුදේදී අනතුරකට පත්වෙයි

18

සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් කුඩා රාවණා කොටුව ආසන්න ගිණිකොණ දිග මුහුදු ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා.

ලයිබිරියානු ධජය යටතේ යාත්‍රා කරමින් තිබු යුරෝ සන් නැමැති යාත්‍රාව මෙලෙස අනතුරට ලක්ව ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවා

මෙම නෞකාව අනතුරට ලක්වී ඇත්තේ යාල වනෝද්‍යානයේ  පිහිටි ඉලුක්පට්ටි තුඩුව ප්‍රදේශයේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් වූ කුඩා රාවනා ප්‍රදීපාගාරයට ආසන්න මුහුදු ප්‍රදේශයේදීයි.

ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වරායේ සිට ත්‍රීකුණාමලය වරාය දක්වා යාත්‍රා කරමින් තිබියදීයි.

අනතුර සිදුවන අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකු සිට ඇති අතර,
ඔවුන්ට කිසිදු හානියක් සිදුව නොමැති බවත් නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

Your Comments