සැකකරුවෙකුට පිස්තෝලයක් දුන් කොස්තාපල් අත්අඩංගුවට

12

ගාල්ල – මීටියාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙකුට පිස්තෝල වර්ගයේ ගිනි අවිය ලබාදුන් පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ආගරපතන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන කාලයේදී සැකකරු මෙම ගිනි අවිය ලබාගෙන ඇති බවට විමර්ශනවලදී හෙලිව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

එම සිද්ධියට සම්බන්ධ උපකාරක පන්ති ගුරුවරයෙකු ද පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇති බව හෙතෙම කියා සිටියා.

Your Comments