සාමාන්‍ය පෙළ විභාගයට සති 6කට පෙර දිනය දැනුම් දෙනවා

10

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය තව දුරටත් කල් දැමීමට සිදු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා අද ප්‍රකාශ කලා.

ඒ අධ්‍යාපන අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට එක් වෙමින්.

අමාත්‍යවරයා කියා සිටියේ විභාගයට සති 6කට පෙර එම නව දින දැනුම් දෙන බවයි.

ජනවාරි මස 18 වන දින සිට සාමාන්‍ය පෙළ විභාගය, පැවැත්වීමට සැලසුම් කර තිබුණා.

කෙසේ වෙතත් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය යටතේ 11 ශ්‍රේණියේ සිසුන්ගෙන් සියයට 50කට පමණ අධ්‍යාපන කටයුතු සිදුකිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි.

මේ අතර මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇති වුණා.

ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා යොමු කල පැනයකින් අනතුරුවයි.

 

මේ වන විට බන්ධනාගාර විෂය භාර අමාත්‍යධුරය සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක් මතුව ඇති බවයි අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කලේ.

ඊට සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රතිචාර දැක්වුවා.

සමගි ජනබලවේගයේ නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා ද බන්ධනාගාර ගැටුමට අදාළව විමල් විරවංශ මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමසීමක් කළා.

ඊට ප්‍රතිචාර දැක්වුයේ අමාත්‍ය අලි සබ්රි මහතායි.

 

 

 

 

Your Comments