සාමාන්‍ය පෙල මාර්තුවට කල් යයි – උසස් පෙළ ප්‍රතිඵල මාස 4 කින්

11

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය බොහෝ දුරට 2021 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කලා.

ඒ අනුව මාස 03ක කාලයක  දී ප්‍රථිපල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ ජූලි මාසයේ සිට අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සිසුන්ට අවස්ථාව ලබා දීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා.

මේ අතර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගවයේ ප්‍රථිපල මාස හතරකින් නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා එම මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කලා.

 

Your Comments