සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය ඇතුළු ජාත්‍යන්තර නීතින්ට සියලු රටවල් අනුගත විය යුතුයි

6

සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය ඇතුළු ජාත්‍යන්තර නීතින්ට සියලු රටවල් අනුගත විය යුතු බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ඊයේ කොළඹ පැවති, සමුද්‍රීය සහයෝගිතාවය පිළිබඳ 4 වන ජාතික ආරක්ෂක උපදේශක මට්ටමේ ත්‍රෛපාර්ශ්වීය රැස්වීමේ සමාරම්භක උත්සවයේදී, අමාත්‍යවරයා මේ බව සදහන් කලා.

එහි දී අදහස් දැක්වු දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ ඉන්දියානු සාගරය හරහා කෙරෙන, ප්‍රවාහන කටයුතු ගෝලීය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 60 ක් වන බවයි.

ගෝලීය බහාළුම් ප්‍රවාහනයේ සියයට 55 ක් සිදු කරනු ලබන්නේ මෙම සාගර කළාපයේ බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

එමගින් ඉන්දියානු සාගරයෙහි මුහුදු මාර්ගවල වර්ධනය වෙමින් පවතින කාර්ය බහුලත්වය හමුවේ, සමුද්‍රීය ආරක්ෂාව කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කලේ.

එම අවස්ථාවට මාලදිවයින් විදේශ අමාත්‍ය මාරියා ඩිඩී, ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක, අජිත් දෝවාල් ආරක්ෂක ලේකම්, මේජර් ජනරාල් කමල් ගුණරත්න, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීන්ද සහභාගි වුණා.

Your Comments