ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වසා දමා නැහැ

10

ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ කටයුතු සාමාන්‍ය පරිදි අඛණ්ඩව සිදුකරන බව එම අමාත්‍යාංශය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

කොවිඩ් ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීම හේතුවෙන් අමාත්‍යාංශය වසා දමා ඇති බවට පැතිර යන තොරතුරු ද අසත්‍ය බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කර තිබෙනවා.
රාජ්‍ය අමාත්‍යාංශයේ කටයුතු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරමින් පවත්වාගෙන යන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ.

Your Comments