සහරාන්ගේ වැඩිමල් සහෝදරිය ලක්ෂ 20ක් සමග අල්ලයි

567

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන ත්‍රස්තවාදියා වන මොහමඩ් සහරාන් හෂීම්ගේ වැඩිමල් සහෝදරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුහම්මදු කාසිම් මතතියා නම් වන 25 හැවිරිදි ඇය නව කාත්තන්කුඩි, ආලිම් පාරේ ඇයගේ නිවසේ දී මඩකලපුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

සැකකාරියගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ 20ක මුදලක්ද සොයා ගැනුණා.

ඒවා ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ හා අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදියෙකු වන සහරාන් විසින් ලබා දුන් බවටයි අනාවරණ වී ඇත්තේ.

සහරාන්ගේ පවුලේ සාමාජිකයන් පිරිසක් සයින්දමර්න්දු හිදී බෝම්බ පුපුරුවාගෙන දිවි හානි කර ගත්තා.

සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලා සහරාන් වන අතර අඩංගුවට ගෙන ඇත්තේ පවුලේ වැඩිමල් සහෝදරිය වන ‘කාසිම් අක්කා’ය.

Your Comments