සයිබර් කාන්තා හිංසකයන්ට සමාවක් නැහැ – ආරක්ෂක ලේකම් කියයි

9

විවිධ සමාජ මාධ්‍ය භාවිත කරමින් කාන්තා ප්‍රතිරූපයට හානි කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කළා.

එවැනි ගැටලුවලින් පීඩාවට පත්වී සිටින කාන්තාවන්ට කඩිනමින් පිළියම් යෙදීමට රජය ක්‍රියාකරන බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලාංකේය වීර කාන්තාවන්ගේ උදාර සේවය ඇගයීම සඳහා කොළඹ පැවති උත්සවයකදී ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කලා.

යුධ සමයේ දී රණවිරුවන්ගේ මව්වරුන් සහ බිරින්දෑවරුන් විඳි අපහසුතා සහ ආතතිය විඳදරාගැනීම පිළිබඳ මුළුමහත් ජාතියේ ප්‍රණාමය ඔවුන්ට හිමිවන බවයි කමල් ගුණරත්න මහතා එහිදී කියා සිටියේ.

මේ අතර, කාන්තා හිංසනය වැලැක්වීමට පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ප්‍රකාශයක් ලබාදෙමින් හෙතෙම මේ බව කියා සිටියා.

වැඩිදුරටත් අදහස් පල කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා.

Your Comments