සමෘද්ධි ඇතුළු සහනාධාර කඩිනම් කරන්නැයි ඇමති ප්‍රසන්නගෙන් උපදෙස්

4

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතය පනවා ඇති ප්‍රදේශවල සමෘද්ධි, වැඩිහිටි දීමනා ඇතුළු මහජන ආධාර කඩිනමින් ලබා දීමට පියවර ගන්නැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
සමෘද්ධි දීමනාව සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 284 කට අධිකයි.
විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන සහ ළමා හා වැඩිහිටි නිවාස සඳහා ද අත්‍යාවශ්‍ය ආහාර ලබා දීමේ වැඩපිලිවෙලක් සකස් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඞ් රෝගීන් 1, 589 ක් හදුනාගනෙ ඇති බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර යාපා මහතා සඳහන් කළා.
දිස්ත්‍රික්කයේ සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 21, 225ක්.
කටුනායක නිදහස් කළාපය ආශ්‍රිතව ආසාධිතයින් 150කට වැඩි පිරිසක් හදුනා ගැනුණා.
දිස්ත්‍රික්කයේ අනෙකුත් කර්මාන්ත ශාලා ආශ්‍රිත පුද්ගලයින් 18 දෙනෙකුට ද වෛරසය වැලදී ඇති බවයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

Your Comments