සමාජ මාධ්‍ය ඔස්සේ එල්.ටී.ටී.ඊ ය ප්‍රවර්ධනය කළ අයෙකු අත්අඩංගුවට

10

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රභාකරන් ඇතුලු එල්ගටීගටීගඊ සංවිධානය සම්බන්ධයෙන් විවිධ කරුණු ප්‍රචාරය කල 25 ස් හැවිරිදි තරුණයෙක් වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සැකකරු විසින් ටික් ටෝක් ජංගම දුරකථන යෙදවුම හරහා මෙම කරුණු ප්‍රචාරය කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

සයිබර් අවකාශය යොදා ගනිමින් මෙවැනි ක්‍රියා සිදුකරන පුද්ගලයින් හසුකර ගැනීම සදහා පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මේ වනවිටත් මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කලා.

Your Comments