සමස්ත ආසාදිතයන් ගණන 5, 475 ක් දක්වා ඉහළ ට

11

කොවිඩ් ආසාදිත පුද්ගලයින් 121 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණන 5, 475 ක් දක්වා ඉහළ ගියා.

තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 2, 067ක්.

ඊයේ හදුනා ගැනුණු ආසාධිතයින් අතරින් 115 දෙනෙකු මිනුවන්ගොඩ ඇගළුම් සේවකයින්ගේ ආශ්‍රිතයින්.

අනෙක් පුද්ගලයින් 6 දෙනා විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිසක්.

ඔවුන්ගෙන් දෙදෙනෙකු පිලිපීන ජාතික මුහුදු ආරක්ෂතයින් වන අතර රුසියානු හා රතු මුහුදු ප්‍රදේශයේ මුහුදු ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ද වනවා.

එක්සත් අරාබි එමීරයේ සිට පැමිණි අයෙකු සහ අප්‍රිකාවේ සිට පැමිණි පුද්ගලයෙකුට ද වෛරසය වැලදී තිබුණා.

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2,016ක් බවට පත්ව තිබෙනවා.

ඉන් 1, 041 දෙනෙකු ඇගළුම් සේවකයින්.

අනෙක් 975 දෙනා ආශ්‍රිතයින් බවයි කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

අද පෙරවරුවේ දෝහා කටාර් සිට පුද්ගලයින් 26 දෙනෙකු මෙරට පැමිණ ඇති අතර පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා.

පුද්ගලයින් 66 දෙනෙකු නිරෝධායනය අවසන් කර අද දිනයේ නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි.

මේ වන විට පුද්ගලයින් 53, 937 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තිබෙනවා.

ත්‍රිවිධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන 82ක පුද්ගලයින් 9, 386 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බවයි යුධ හමුදාව සඳහන් කළේ.

ඊයේ දිනය තුළ සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 8, 724ක්.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ පී සී ආර් පරීක්ෂණ 3,74, 448 ක් සිදුකර තිබෙනවා.

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය සඳහා සියලු දිස්ත්‍රික්කවල අහඹු පී සී ආර් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 19ක් ආශ්‍රිත නිරෝධායන ඇදිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

Your Comments