සජිත්ගෙන් මාර්තු 15 විශේෂ ප්‍රකාශයක්

17

සමගි ජන බලවේගයේ පළමු පක්ෂ සංවත්සරය මාර්තු 15 වැනදා කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ පස්වරුවේ දී.

සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පක්ෂ සංවත්සරය පැවැත්වීමට නියමිතයි.

එහිදී පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ද සඳහන්.

Your Comments