සංචාරක ක්ෂේත්‍රයේ ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමති ප්‍රසන්න ඉල්ලයි

7

සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු කරන පුද්ගලයින්ට ලබා දී ඇති බැංකු හා මූල්‍ය ණය සහනය තවදුරටත් දීර්ඝ කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

සංචාරක කර්මාන්තකරුවන් සමඟ පැවති සාකච්ඡාවකදියී ඔහු මේ බව අනාවරණ කළේ.

කොරෝනා වසංගත තත්වය හමුවේ බලපෑමට ලක් වූ සංචාරක ක්ෂේත්‍රයේ නිරත පුද්ගලයින් සදහා බැංකු ණය හා මූල්‍ය සහන ලබා දීමට රජය පසුගිය දා කටයුතු කළා.

එම සහන කාලය මේ මස 31 වනදායින් අවසන් විමට නියමිතයි.

 

Your Comments