සංචාරකයින්ට රට කඩිනමින් විවාත කිරීමට සෞඛ්‍ය සහ සංචාරක බලධාරීන් අතර සාකච්ඡාවක්

16

සංචාරකයින්ට රට කඩිනමින් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම සතිය තුල අදාල සාකච්ඡාව පැවැත්වීමට අපේක්ෂා කරන බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ.

පළමු කොවිඩ් රැල්ල පාලනය කිරීමත් සමග සංචාරකයන් කණ්ඩායම් වශයෙන් දිවයිනට ගෙන්වීමට රජයේ අවධානය යොමුව තිබු බව අමාත්‍යවරයා සදහන් කළා.

ඒ අනුව රුසියානු සමුහාණ්ඩුවට අයත් රටවල සංචාරකයින්ට 44,000 ක් මෙරටට ගෙන්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඇමතිවරයා ඉදිරිපත් කර තිබුණා.

ඊට කැබිනට් මන්ඩල අනුමැතිය හිමි වු බව සදහන්.

එමෙන්ම ජර්මනියේ ඔස්ට්‍රේලියාව වැනි රටවලින්ද මෙලෙස සංචාරකයින් කාණ්ඩායම් වශයෙන් ගෙන්වීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙලෙස පැමිණෙන සංචාරකයින් හෝටල් තුලම පලමු දින 14 රැදවීමටත් සැලසුම් කර තිබෙනවා.

ඔවුන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබද එහිදී සාකච්ඡාවට ලක්වුණා.

මේ අතර කෝවිඩ් ගෝලීය වසංගතයෙන් බලපෑම් එල්ල වු මෙරට ආර්ථිකය ශක්තිමත් ලෙස යළි ගොඩනැගීමේ ඉහළ හැකියාවක් පවතින බව ලෝක බැංකුව පවසනවා.

එහි ශ්‍රී ලංකාව, මාලදිවයින හා නේපලය පිළිබද අධ්‍යක්ෂ ෆරීස් හවාඞ් මේ බව සදහන් කලේ ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය නිම කරමින්.

Your Comments