ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරෙයි

34

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා

සිංහල මාධ්‍ය පිරිමි පාසල් අතුරින් කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලත් කර ගැනීමේ ලකුණු සීමාව 193ක්

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අවම ලකුණ වන්නේ 192ක්

කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයට සහ කොළඹ ආනන්ද විද්‍යාලයට ශිෂ්‍යත්ව සමතුන් ඇතුලත් කර ගනු ලබන්නේ ලකුණු 191කින්

සිංහල මාධ්‍ය කාන්තා පාසල් අතුරින් වැඩිම ලකුණු ප්‍රමාණය වන 194 කොළඹ විශාඛා විද්‍යාලයට ලබා දී තිබෙනවා

ලකුණු 191ක් හිමිව ඇත්තේ කොළඹ දේවී බාලිකා සහ කුරුනෑගල මලියදේව බාලිකා විද්‍යාලයටයි

එමෙන්ම මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූවන් මිශ්‍ර පාසල් වෙත ඇතුලත් කර ගැනීමේ අවම ලකුණු සීමාවන් ද ප්‍රකාශයට පත්කෙරුනා

රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයට සිසු සිසුවියන් ඇතුලත් කර ගැනීමේ ලකුණු සීමාව 186ක් වන අතර හොරණ තක්ෂිලා විද්‍යාලයට සහ කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලයට ඇතුලත් කර ගැනෙන්නේ ලකුණු 185න්

Loader Loading...
EAD Logo Taking too long?
Reload Reload document
| Open Open in new tab

මේ අතර ගුරු සේවයේ 3-1:ආ* ශ්‍රේණියට පත්වීම් ලැබූ 2016/2018 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ගේ නාමලේඛණය අධ්‍යාපන අමාත්‍යාංශ විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා

 

 

Your Comments