ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට සිදු කරන ගුවන් ගමන් සෞදිය අත්හිටුවයි

54

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට සිදු කරන ගුවන් ගමන් අත්හිටුවීමට සෞදි අරාබිය තීරණය කර තිබෙනවා.
ඒ, කොවීඞ් නයින්ටීන් හෙවෙත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින්.
ඒ අනුව යුරෝපා සංගමයේ රටවල්වලට සහ ශ්‍රී ලංකාව, ස්විට්සර්ලන්තය, ඉන්දියාව, පාකිස්තානය, පිලිපීනය, සුඩානය, ඉතියෝපියාව, දකුණු සුඩානය ඇතුළු රටවල් 12කට සිදු කරන ගුවන් ගමන් අත්හිටුවා ඇති බවයි එරට රාජ්‍ය පුවත් සේවය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ.

Your Comments