ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදතයන් ගණන 6,000 ඉක්මවයි

7

මෙරට සමස්ත කෝවිඞ් ආසාදිතයින් ගණන අද 6,000 ඉක්මවා ගියා.

ඒ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 50 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

ඉන් 22 දෙදෙනෙකු කටුනායක වෙළෙඳ කලාපයට අයත් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ පුද්ගලයින් 06 දෙනෙකු ද කොවිඞ් -19 ආසාදිතයින් ලෙස අද හඳුනාගත් පිරිස අතරට අයත්.

අනෙක් විසිදෙදෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් වනවා.

මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් ගණන 6,028ක් බවට පත්ව තිබෙනවා.

2,454 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කලේ.
සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් ගණන 3,561 ක්.

Your Comments