ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 97 දක්වා ඉහළට

53

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 97 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
ඒ අනුව ඊයේ(23) දිනයේදී කොරෝනා වෛසරය ආසාදනය වූ නව රෝගීන් 10 දෙනෙකු හඳුනා ගැනුණු බවයි අමාත්‍යවරිය කියා සිටියේ.
මේ අතර කොරෝනා ආසාදිත බවට සැකකරන පුද්ගලයින් 227 දෙනෙකු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිටින බවද සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
එසේම මේ වන විට කොරෝනා වෛසරය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. (චීන ජාතික කාන්තාවද සමග)

Your Comments