ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 13,929 දක්වා ඉහළට

11

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 13,929ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ ඉන් මේ වන විට ආසාදිතයන් 8,285 දෙනෙක් සුවය ලබා ඇති බවයි.

කෙසේ වෙතත් ආසාදිතයන් 5,609 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 35ක්.

මේ අතර තවත් පුද්ගලයන් 297 දෙනෙක් කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැකය මත රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

Your Comments