ශ්‍රී ලංකාවට ජපානයෙන් තහනමක්

14

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 11ක වැසියන්ට ජපානයට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.

ඒ කොවිඩ් ව්‍යාප්තිය හමුවේ එරට දේශසීමා ප්‍රතිපත්තිවල වෙනසක් සිදු කරමින්.

ටෝකියෝ, ඕසාකා ඇතුළු නගර කිහිපයකට හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත් කිරීමත් සමග මෙම තීරණය ගත් බවයි අග්‍රාමාත්‍ය යෝශිඩා සුගා නිවේදනය කළේ.

ඒ අනුව ශ්‍රි ලංකාව, තායිවානය, තායිලන්තය, හොංකොං, සිංගප්පුරුව, මැලේසියාව, වියට්නාමය, දකුණු කොරියාව සහ චීනය ඇතුළු රටවල්වල ජනතාවට ජපානයට ඇතුළු වීම තහනම් වනු ඇති.

කෙසේවෙතත් ව්‍යාපාරික සංචාරකයින් සඳහා ජනවාරි 31 දක්වා එම තහනම බල නොපැවැත්වෙන බවද සඳහන්.

Your Comments