ශ්‍රී දළදා මාලිගාවෙන් නිවේදනයක්

14

ශ්‍රී දළදා මාළිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිදු සාමාජිකයෙකුට කොවිඩ්19 වෛරසය වැළඳී නොමැති බව ශ්‍රී දළදා මාළිගාව අවධාරණය කරනවා.

 

මල්වතු – අස්ගිරි මහ නා හිමිවරුන්ගේ අනුශාසනා මත දියවඩන නිළමේවරයාගේ පුර්ණ අධීක්ෂණය යටතේ දෛනික තේවාවන් ඇතුලු‍ පුද පූජා අඛණ්ඩව සිදු කෙරෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් දළදා මාළිගාව සඳහන් කලේ.

පැමිණෙන බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා ක්‍රියාත්මක වැඩපිළිවෙල ද අඛණ්ඩව ක්‍රියාත්මකයි.

මහනුවර ශ්‍රී දළදා මාළිගාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කල පොලිස් නිළධාරීන් පිරිසකට කොවිඩ්19 වෛරසය වැළඳී ඇති බවට පරික්ෂණ මගින් තහවුරු කරගැණුනා.

ඒ අනුව එම පොලිස් ස්ථානයට අනුයුක්ත සියලු‍ නිළධාරීන් නිරෝධායනයට යොමුකර පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු ආවරණය සඳහා වෙනත් පොලිස් ස්ථාන වෙතින් නිළධාරීන් අනුයුක්ත කර තිබෙනවා.

Your Comments