වෛරසය වැළදුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 5 දක්වා ඉහළට

26

වෛරසය වැළදුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන මහත්වරුන් ද ආසාදිතයින් ලෙස මීට පෙර හදුනා ගැනුණා.

ඊට අමතරව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 09 දෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මේ අතර කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ එලෙස ආසාදිත වූ කිසිවෙකුට පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැති බවයි.

Your Comments