විස්සෙන් ආණ්ඩුවේ බෙදීමක් රාජිත කියයි
රූකඩ විපක්ෂයක් ගැන රාජ්‍ය ඇමති ජනකගෙන් ප්‍රකාශයක්

7

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනයට විපක්ෂ නායකවරයා විසින් පත්කල කමිටුවේ වාර්තාව අද පැවැත්වෙන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කෙරෙනවා.
ඒ අනුව 20 වන සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කෙරෙන බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියාසිටියේ.

මේ අතර, විසිවන සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදය යළිත් ආපස්සට හැරවීමක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළා.
ඒ ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින්.

තවදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේ 20 වන සංශෝධනයත් සමග ආණ්ඩුවේ බෙදීමක් නිර්මාණය වී ඇති බවයි.

මේ 20 වන සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා

Your Comments