විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ අග්‍රාමාත්‍ය අතර සාකච්ඡාවක්

15

විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී අද පැවැත්වෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින අර්බුධ පිළිබඳව එහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට නියමිත බවයි.

බඳවා ගනු ලබන සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීම හමුවේ, විශ්වවිද්‍යාල පවත්වා ගෙන යෑමට ලැබෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන අතර ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කරන බව ද හෙතෙම සඳහන් කළා.

විශ්වවිද්‍යාල සඳහා පළමුවරට වැඩිම අතිරේක සිසුන් සංඛ්‍යාවක් මේ වසරේදී බඳවා ගෙන ඇති අතර, එම සංඛ්‍යාව 10 දහස් 600ක්.

ඒ අනුව, මේ වසර සඳහා විශ්වවිද්‍යාලවලට බඳවා ගෙන ඇති සමස්ත සිසුන් ගණන හතළිස් දෙදහසක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ.

Your Comments