විපක්ෂ නායක ධූරය ගැන සන්ධානයේ මතය නායකයින්ගේ සාකච්ඡාවකින් පසු

42

විපක්ෂ නායක ධූරය ලබා දෙන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මතය සෙසු නායකයින් සමග සාකච්ඡා කර කතානායකවරයාට දැනුම් දෙන බව එහි මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්ෂ නායක ධූරය ලබා දෙන ලෙස ඉල්ලමින් කතානායකවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මතය විමසීම සම්බන්ධයෙන් නිව්ස් 24 කළ විමසිමකදීයි.
කෙසේ වෙතත් තමන්ට කතානායක කරූ ජයසූරිය මහතා විසින් යොමු කළ ලිපිය මෙතෙක් නොලැබුණ බව ද එය ලැබුණ වහාම සන්ධානයේ නායකයින් සමග සාකච්ඡා කර එම තීරණය කතානායකවරයාට දැනුම්දීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන්කරන්නේ.

Your Comments