විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට යොමුකිරීමේදී අයථා ලෙස මුදල් ලබා ගැනීමට ඉඩ නොතබන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කළා.
තෙවන පාර්ශ්වයකට ඒ සඳහා කිසිදු ඉඩක් නොතබන ලෙසයි නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධ හෝටල් හිමියන්ගෙන් හෙතෙම ඉල්ලා සිටියේ.
මෙවැනි වංචනික ක්‍රියා සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මකයි.
නිරෝධායන ක්‍රියාවලිය ඉහළ ප්‍රමිතියකින් හා විශ්වාසනීයව පවත්වාගෙන යෑමට රජය කටයුතු කර තිබෙවා.
මෙරටට පැමිණ හෝටල්වල නිරෝධායනයට ලක්වන පුද්ගලයින්ට සාධාරණ මුදලකට පහසුකම් ලබාදීම අරමුණ බවයි යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ.
Your Comments