විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග පාතාල කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට

11

කිරිඳවැල ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බස්නාහිර, උතුර දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සිදුකළ විශේෂ වැටලීමකදීයි.
සැකකරු කිරිඳිවැල – මයිලවලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු හංවැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයෙකු බවටයි මේ වන විට අනාවරණ වී ඇත්තේ.
සැකකරු මීට පෙර ගුවන් හමුදාවේ සේවය කර ඉන් ඉවත් වී ඇති අතර, කිරිඳිවැල, වරකාපොළ, කෑගල්ල, ගනේමුල්ල, අලව්ව යන පොලිස් ස්ථානවල විභාග වන අපරාධ නඩු රැසකට සම්බන්ධ බවයි පොලීසිය සඳහන් කළේ.

Your Comments