විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 198 ක් අද දිවයිනට

9

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 198 ක් අද (25) උදෑසන කටුනායක ගුවන්තොටුපළින්
මෙරටට පැමිණ තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි 143 ක් මලදිවයිනේ සිටි 53 ක් , කටාර් රාජ්‍යයේ
සිට දෙදෙනෙකු එම පිරිසට අයත් වෙනවා.

ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 98 ක් ද මෙරටට පැමිණීමට නියමිත බවයි පැවසෙන්නේ.

ඔවුන් සියලුදෙනා PCR පරීක්ෂණවලට ලක්කිරීමෙන් පසුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත
යොමුකරන බව කියයි.

Your Comments