විදෙස්ගත ලාංකිකයින්ට ඡන්ද අයිතිය වෙනුවෙන් තේරීම් කාරක සභාවක්

11

මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් යෝජනා කිරීමට සැලසුම් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ උපායමාර්ගික සැලසුම් පිළිබඳ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ මැතිවරණ නීති සංශෝධනය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එම හමුවේදී අවධානය යොමු කළ බවයි.

මැතිවරණ  ඇප මුදල් සංශෝධනය, මැතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්දය භාවිත කළ නොහැකි පුද්ගලයින් වෙනුවෙන් ඊට පෙර වෙනම දිනයක් ලබාදීම, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විගස ඡන්ද අයිතිය ලැබෙන සේ ඡන්ද නාමලේඛනය මාස තුනකට වතාවක් යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව ද  සාකච්ඡා කර තිබෙනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබාදීම වෙනුවෙන්  වන  නව වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කළා.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ මැතිවරණ වියදම් පාලනය, ආබාධිත පුද්ගලයින්ට ඡන්ද මධ්‍යස්ථාන පහසුකම් සකස්වීම සහ විශේෂ ව්‍යාපෘති යටතේ “e” ඡන්ද ක්‍රමය ඇතුළු තවත් කරුණු රැසක් පිළිබඳ කොමිෂන් සභා නිලධාරීන් මෙහිදි මහින්ද රාජපක්ෂ මහතා   දැනුවත් කර ඇති බවයි  අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ.

Your Comments