විදුලිය බිඳ වැටීම විදුලිය මිලදී ගැනිමේ සැලැස්මක්දැයි සමගියට සැකයක්

16

දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විමර්ශණයට ජනාධිපති කොමිසමක් හෝ වෙනත් කමිටු පත් කිරීමෙන් පලක් නොවන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ඒ පිළිබදව පසුගිය කාලයේ ද උදාහරණ පවතින බවයි.

මේ අතර ඊයේ සිදුවූ විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අදහස් පළකලා.
ඔහු කියා සිටියේ හදිසි විදුලිය මිල දී ගැනීමකට යාමට රජය මෙම සිදුවීම යොදාගන්නේ දැයි සැක මතුවන බවයි.

මේ අතර පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති සඳහා එක්වන්නැයි සූර්යබල , සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙරට ආයෝජකයන්ගෙන් ඉල්ලීමක් කලා.
ඒ අද පෙරවරුවේ විදුලිබල අමාත්‍යංශයේදී වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

Your Comments