වැලිකඩ චැපල් වාට්ටුවෙන් ජංගම දුරකථන 11 ක් සහ සිම්පත් 4 ක් හමුවෙයි

6

වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ සිදුකළ විශේෂ සෝදිසියකදී ජංගම දුරකථන 11 ක් සහ සිම්පත් 4 ක් සොයා ගෙන තිබෙනවා.

එම සෝදිසියේදී ජංගම දුරකථන බැටරි හා චාජර් කිහිපයක් ද සොයා ගෙන ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙවැනි සෝදිසි මෙහෙයුම් ඉදිරියේදී කොළඹ අවට සෙසු බන්ධනාගාර වල ද සිදුකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළා.

 

Your Comments