පසුගිය පැය 24 තුළ තවත් කොරෝනා ආසාදිතයින් 518 ක් මෙරටින් වාර්තා වුණා.
ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් හදුනා ගනු ලැබුවේ කොලඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 175 ක්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 77 ක් සහ මහනුවරින් 41 ක් ලෙස හදුනා ගැනුණු අතර සෙසු ආසාදිතයින් 197 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් හදුනා ගත් බවයි කෝවිඩ් 19 පැතිරිම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කලේ.
මීට අමතරව විදේශයන් හි සිට මෙරටට පැමිණි 28 දෙනෙක් ද කොරෝනා ආසාදිතයින් ලෙස ඊයේ හදුනා ගැණුනා.
ඒ අනුව මෙරටින් හදුනා ගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 80 දහස් 517 ක් ලෙසයි දැක්වෙන්නේ.
මේ අතර නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 22 ගත වු පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කලා.
Your Comments