වාස් ඉල්ලා අස් වීම ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්

37

චමින්ද වාස් මහතා හදිසියේ සිය ධුරයෙන් ඉල්ලා අස් වීම හේතුවෙන් වේග පන්දු පුහුණුකරුවෙකු නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත් වීමට සිදුව ඇති බව ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා.

ඒ වාචික පිළිතුරු අපේක්ෂවෙන් මන්ත්‍රීවරයෙකු යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ප්‍රවීණ ක්‍රිඩක චමින්ද වාස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුව වැටුප් සම්බන්ධයෙන් ඇති වු ගැටලුවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කලා.

ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ චමින්ද වාස් මහතා සිය ඉල්ලා අස් වීමේ ලිපිය ඊයේ දිනයේ භාර දී ඇති බවයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ චමින්ද වාස් මහතාට දැනටමත් ලබා දෙන වේතනයට අමතරව වැඩිපුර මුදලක් ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇති බවයි.

Your Comments