වසර අවසානයේ දී සියයට සියයක් විදුලියෙන් ස්වයංපෝෂිතයි – අගමැතිගෙන් සහතිකයක්

7

මෙම වසර අවසන් වන විට මෙරට විදුලි අවශ්‍යතාව සියයට සියයකින් සපුරාලීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

 

ඒ කෙරවළපිටියේ ඉඳිවන මෙරට පළමු ස්වභාවික ද්‍රව වායු විදුලි බලාගාරය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට අද එක්වෙමින්.

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 350ක් එක්වන මෙම විදුලි බලාගාරයේ පළමු අදියරේ කටයුතු මාස 21ක් තුළ නිම කිරීමට නියමිතයි.

බලාගාරය සඳහා මුල්ගල තැබීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මෙලෙස අදහස් පල කළා.

මේ එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා.

රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද උත්සව සභාව අමතනු ලැබුවා.

මේ අතර, සීමා සහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ කොළඹ 12 සංඝරාජ මාවතේ පිහිටි නවීකරණය කරන ලද සුපිරි වෙළඳ සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අද විවෘත කෙරුණා.

ඒ සෞභාග්‍යයේ දැක්ම සංකල්පය යටතේ දේශීය නිෂ්පාදන ආර්ථිකයට රට පෙළගැස්වීමේ කාර්යය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින්.

Your Comments