වසංගතය මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයත් පාලනයෙන් ගිලිහිලා – රවීගෙන් චෝදනාවක්

40

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් කොළඹින් වාර්තා වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

කොවිඞ් පාලන කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ගිලිහීම බරපතළ තත්ත්වයක් බවයි එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ.

බිම් මට්ටමේ ආසාදිතයන් ආවේක්ෂණය කිරීමේ තාක්ෂණික ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාව අත්‍යවශ්‍ය බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළා.

මේ අතර රෝහල් පද්ධතිය තුළ කොවිඞ් උප පොකුරු ඇති වීම පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි සංස්කාරකවරයා පෙන්වා දෙන්නේ.

කොවිඞ් වසංගතය මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය ද පාලනයෙන් ගිලිහී ගොස් ඇති බව වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදී සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා චෝදනා කළා.

වෛද්‍ය සැපයුම් සේවාවේ උද්ගතව ඇති අර්බුදය සම්බන්ධයෙන් රවී කුමුදේශ් මහතා මෙලෙස අදහස් පල කලා.

Your Comments